ඇමෙරිකාවේ පැත්ත ගන්නේ නෑ



ඇමෙරිකාව ඉරානය ඉලක්ක කර ගනිමින්, ඊට එරෙහිව පැනැවූ නව සම්බාධක සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන තුර්කිය පවසා ඇත්තේ, තමන් කිසිසේත්ම ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ පැත්ත නොගන්නා බවය.

තුර්කි ජනාධිපති රිජෙප් තායිය් එර්දොවාන් ඉරානයට සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් ඇමෙරිකාවටත්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ටත් සිය අප්‍රසාදය පළ කර ඇති බව ද පැවැසෙයි.

ඇමෙරිකාව පැනැවූ එම සම්බාධක හරහා ඉරානයට ඔවුන්ගේ තෙල්  අලෙවි කටයුතු නිසි ලෙස කරගෙන යෑමට නොහැකි වනු ඇතැයි පැවැසෙයි. කෙසේ නමුත්, නේටෝ රටවල් අටක් සමඟ තෙල් ගනුදෙනු සිදු කිරීමට ඉරානයට ‘සහනයක්’ දීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. එම රටවල් 8 අතර තුර්කිය ද සිටී.

(අල් ජසීරා)


RECOMMEND POSTS