ඇමෙරිකාවේ තීරණයට තුර්කියේ විරෝධය



ඊශ්‍රායල විරෝධී පලස්තීන හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසා ඔහු ‘බ්ලැක්ලිස්ට්’ කිරීමට ඇමෙරිකාව පියවර ගැනීම තුර්කියේ විරෝධයට හේතුවක් වී තිබේ.

තුර්කි රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමත්‍යාංශයේ ප්‍රකාශක හමී අක්ෂෝයි මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත්තේ ඇමෙරිකාව ගත් මෙම තීරණය හේතුවෙන් ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදය තවත් අවුල් වනු ඇති බවය.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව, හමාස් නායකයා ඔවුන්ගේ ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කරමින් ඔහුට සම්බාධක පැනැවීමට පියවර ගත්තේ ඔහු සාමය කඩකරනවා යැයි චෝදනා කරමිනි.

හමාස් නායක ඉස්මයිල් හනියේ පසුගිම මාස කිහිපයේ ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගැනීමට ඇමෙරිකාව ගත් තීරණය සම්බන්ධයෙන්, ඊට විරෝධය දැක්වීය. ඇමෙරිකාවේ උදහසට හේතුවක් වූයේ එයයි.

(ප්‍රෙස් ටීවී)

 

 


RECOMMEND POSTS