ඇමෙරිකාවේ තීරණය ප්‍රසංශනීයයි



සිරියාවෙන් හමුදා ඉවත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ පැසැසුමට හේතුවක් වී ඇත.

තුර්කිය සිරියානු අර්බුදයට මැදිහත් වී සිටින්නේ සිරියානු රජයට එරෙහිව සටහන් වදින කුර්දි බෙදුම්වාදීන් ඉලක්ක කර ගනිමිනි. කුර්දි බෙදුම්වාදීන් තුර්කියේ ස්වෛරීත්වයට තර්ජනයක් බව තුර්කියේ විශ්වාසය වී තිබේ.

තුර්කි ජනාධිපතිවරයා පසුගිය සතියේ කියා සිටියේ සිරියාවේ හමුදා මෙහෙයුම් තවත් වැඩි කිරීමට තීරණය කළ බවය. කෙසේ නමුත් ඇමෙරිකන් හමුදා සිරියාවෙන් ඉවත් කර ගන්නා බව ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශය මුල්කොට ගනිමින්, එම මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමට තුර්කි ජනාධිපති තීරණය කර ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS