ඇමෙරිකාවෙන් වැඩක් නෑ



න්‍යෂ්ටික එකඟතාවෙන් ඉවත් වීමට ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය කටයුතු කිරීමෙන් පසු ඇමෙරිකාවෙන් පලක් නැති බව ඉරාන උත්තරීතර නායක අල් කොමේනී කියයි.

ඇමෙරිකාව නොමැති වුණත්, සෙසු යුරෝපා රටවල් තවමත් එම න්‍යෂ්ටික ගිවිසුම සමඟ එක් වී සිටී. ඇමෙරිකා සම්බාධකවලින් ඉරානයට බලපෑම් සිදුවේවි නම්, යුරෝපා සංගමයේ රටවල් ඒ වෙනුවෙන් ඉරානයට සහාය දක්වන බව පවසා ඇත.

දිගටම යුරෝපා රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත්, ඔවුන්ගේ සහාය දිගටම ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් උත්තරීතර නායකයා පෙන්වා දී ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS