ඇමෙරිකාවෙන් තුර්කියට මිසයිල



උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝවෙන් දැඩි විරෝධයක් එල්ල වුවත්, තමන් තුර්කියට මිසයිල විකිණීම සිදු කරනවා යැයි ඇමෙරිකාව පවසා ඇත.

තුර්කියේ ඉල්ලීම පරිදි, ඇමෙරිකාව තුර්කියට විකුණන්නේ පේටි්‍රයොට් මිසයිලය. මිසයිල විකිණීම සිදුකරනු ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 3.5 කට යැයි ද පැවැසෙයි. තුර්කිය ඇමෙරිකාවෙන් පේටි්‍රයොට් මිසයිල 80 ක් පමණක් නොව, පී.ඒ.සී. 3 වර්ගයේ මිසයිල 60 ක් ද මිලදී ගැනීමට සූදානම් වෙයි.

ඇමෙරිකාව ද උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝවේ සාමාජික රාජ්‍යයකි. ඇමෙරිකාව තුර්කියට මිසයිල විකිණීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට සෙසු නේටෝ රටවලින් විරෝධයක් එල්ල වී ඇත්තේ, තුර්කිය ඇමෙරිකාවෙන් මිලදී ගන්නා එම මිසයිල පසුව රුසියාවට ලබා දෙනවා යැයි චෝදනා කරමිනි.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ තුර්කියේ ඉල්ලීම පරිදි ගනුදෙනුව සිදුවනු ඇති බවත්, එමගින් තුර්කිය ඔවුන්ගේ ආරක්ෂක ශක්තිය තර කර ගනු ඇති බවත්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS