ඇමෙරිකාවෙන් උදවු ඉල්ලයි
සිරියාවේ ඉතිරි වී සිටින අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්රහාර සිදු කළ යුතු බවත් ඒ සඳහා සහාය ලබා දෙන ලෙසත් තුර්කිය ඇමෙරිකා හමුදාවෙන් ඉල්ලීමක් කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්, සිරියාවේ සිටින ඇමෙරිකා සොල්දාදුවන් ආපසු ගෙන්වා ගැනීමට සූදානමින් සිටී. එම කටයුතු ඉදිරි මාස හතරක කාලය තුළ සිදුවනු ඇති බව ද පැවැසෙයි.
ඊට පෙර, සිරියාවේ දේශසීමාවලට නුදුරින් සැඟවී සිටින ඉතිරි වුණු අයි.එස්. ත්රස්තවාදීන් මුලිනුපුටා දැමීම කළ යුතු බව සිරියානු අර්බුදයට සම්බන්ධ වී සිටින තුර්කියේ විශ්වාසය වී ඇත.
(අල් ජසීරා)