ඇමෙරිකාවට සම්බාධක පැනැවීමට යයි



ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ දිනෙන් දින වර්ධනය වන ඊශ්‍රායල පලස්තීන ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකාවට සම්බාධක පැනැවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැරැසෙයි.

ඇමෙරිකාව සම්බන්ධයෙන් පමණක් නොව, ඊශ්‍රායලය සම්න්ධයෙන් ද තීරණයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඉදිරි දින කිහිපය ඇතුළත හදිසි සැසියක් පැවැත්වීමට යයි. හදිසි සැසියක් පවත්වන්නැයි ඉල්ලා ඇත්තේ අරාබි සහ මුස්ලිම් රටවල්ය.

සම්බාධක පැනැවීම වළක්වා ගැනීමට සෙසු සාමාජික රටවල් නම්මා ගැනීමේ වැඩපිළිවෙළක් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS