ඇමෙරිකාවට අප්‍රසාදය



ඉරානයේ අභ්‍යන්තර කටයුතුවලට අතපොවනවා යැයි එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපති ඇමෙරිකාවට දෙහි කපයි.

ඇමෙරිකාවේ ක්‍රියාකලාපය අන්තර් ජාතික නීති උල්ලංගනය කිරීමක් බවත් එය ඉතා පිළිකුල් සහගත බවත් තානාපති ගෝල්ලාමී කොෂ්හූරු වැඩි දුරටත් කියා සිටී.

ඉන්ධන මිල සහ බඩු මිල ඉහළ යනවා යැයි චෝදනා කරමින් ඉරාන විපක්ෂ ක්‍රියාකාරීන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් එක් වී ආරම්භ කළ විරෝධතාවලට ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සහාය පළ කර තිබුණි. තානාපතිවරයාගේ විරෝධයට හේතුවක් වූයේ මෙයයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS