ඇමෙරිකාව හුදෙකලා වෙලා



ඉරානය සමඟ ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වෙනවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට, එම ගිවිසුමට සම්බන්ධ වී සිටින සෙසු යුරෝපා රටවල නායකයන්ගෙන් විරෝධයක් එල්ල වෙමින් පවතී.

ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් බටහිර සෙසු රටවලින් ඇමෙරිකාව හුදෙකලා වී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පමණක් නොව, ජර්මන් චාන්සල්වරිය වන ඇන්ජෙලා මාකෙල් ද එකහෙළා පවසා ඇත්තේ ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් තමන් කණස්සල්ලෙන් පසුවන බවය.

(රොයිටර්)

 


RECOMMEND POSTS