ඇමෙරිකාව සමඟ හැප්පෙනවා



සිරියානු අර්බුදය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව සමඟ යුද්ධයකට සම්බන්ධවීමට තමන් පසුබට නොවන බව රුසියාව කියයි.

රුසියාව වෙනුවෙන් මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වැසිලි නෙබෙන්සියාය.

සිරියානු රජය සිවිල් වැසියන්ට විස වායු ප්‍රහාරයක් එල්ල කළේ යැයි චෝදනා කරමින් ඇමෙරිකාව පහරදීමකට මුල පුරමින් සිටින බවත්, එසේ ප්‍රහාරයක් එල්ල කළොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඇමෙරිකාව සමඟ යුද්ධයකට පැටලීමට රුසියාව සූදානම් බවත් රුසියානු තානාපතිවරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල විශේෂ සැසියකට එක්වෙමින් කියා සිටියේය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS