ඇමෙරිකාව සමඟ සාකච්ඡා නෑ



හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ සාකච්ඡා නොකරන බව ඉරාන ජනාධිපති හසන් රොව්හානී අවධාරණය කර තිබේ.

ඇමෙරිකාව දිගින් දිගටම ඉරානයට චෝදනා කරන අතර, ඉරානය සමඟ යුද්ධයකට නොයන බව පවසමින්, ඉරානයට පහර දීමට සූදානමින් සිටී. ඉරානය අසල ගල්ෆ් මුහුදට ඇමෙරිකාව ඔවුන්ගේ ප්‍රහාරක නෞකා පවා යවා ඇත.

ඉරාන ජනාධිපති රොව්හානී පමණක් නොව, එරට උත්තරීතර නායක අල් කොමේනී ද තරයේ පවසා ඇත්තේ ඇමෙරිකාව සමඟ යුද වැදීමේ අදහසක් ඉරානයට නැති බවය.

ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවත්, ඉරානයෙන් ඊට ප්‍රතිචාරයක් ලැබෙන තුරු බලා සිටින බවත් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ඉරානයට කිසිම ගරුසරුවක් දක්වන්නේ නැහැ. දිගට හරහට සම්බාධක පනවමින් සාම සාකච්ඡා පැවැත්වීමට යෝජනා කරනවා. ඔහුට ඕනෑ ඊශ්‍රායලයේ ඕනෑ එපාකම් වෙනුවෙන් ඉරානය අඩපණ කරන්නයි. ඒ නිසා අපි කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වන්න යන්නේ නැහැ’ යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී අවධාරණය කර තිබේ.

තෙහෙරාන්හිදීය (රොයිටෙර්ස්)


RECOMMEND POSTS