ඇමෙරිකාව සමඟ යුද්ධයකට යන්නේ නෑ



ඇමෙරිකාව සමඟ පවතින අර්බුදය කිසිම අවස්ථාවක යුද්ධයක් තෙක් දුරදිග නොයන බව ඉරාන විදේශ ඇමැති මොහොමද් ජාවද් සරීෆ් අවධාරණය කර ඇත.

ඉරාන විදේශ ඇමැතිවරයා මේ වනවිට චීනයේ සංචාරයක නියැලෙමින් සිටී. ඔහු මෙසේ අදහස් දක්වා සිටියේ, චීන මාධ්‍ය හමුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘ඉරානයට යුද්ධයක් ඕනෑ නැහැ. ඉරානය සමඟ හැප්පෙන්න වෙනත් රටක් සූදානම් වෙනවා නම් ඒක සිහිනයක් පමණයි.’ යැයි ඉරාන විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

‘ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට යුද්ධයක් ඕනෑ නැහැ. ඒත් ඔහු අවුස්සන්නේ ඔහුගේ ළඟ සිටින අය. ඇමෙරිකාව ඉරානයට වඩා ශක්තිමත්ව සිටිය යුතු යැයි වැරදි අවබෝධයක් ඔවුන් ට්‍රම්ප්ට දී තිබෙනවා.’ යැයි ඉරාන විදේශ ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

බීජිංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS