ඇමෙරිකාව මැදපෙරදිග අවුළනවා



ඉරාන කුද්ස් හමුදා බළඇණියේ නායක මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ඝාතනයත් සමඟ ඇමෙරිකාව මැදපෙරදිග කලාපයේ නව අර්බුදයක් නිර්මාණය කළේ යැයි සුලෙයිමාන් ඝාතනයට විරෝධය දක්වමින් සිරියානු රජය නිවේදනයක් නිකුත් කර ඇත.

සිරියානු අර්බුදයේදී අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට ඉරානයේ කුද්ස් හමුදා බළඇණියේ සහාය හිමිවුණු බවත් මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් සිටි නිසා අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට තම රජයට හැකිවුණු බවත් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් පවසා ඇත.

මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ඝාතනයත් සමඟ ඇමෙරිකාවට දැඩි විරෝධයක් නිර්මාණය වී ඇති බවත්, එම විරෝධය මැදපෙරදිග කලාපය අස්ථාවර කිරීමට හේතුවක් වනු ඇති බවත් සිරියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS