ඇමෙරිකාව එක්ක ගැටුම් එපා



ඇමෙරිකාව සමඟ ගැටුම් ඇතිකර ගැනීමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්ට පවසා ඇත.

නේටෝ රාජ්‍යයක් වන තුර්කිය සහ ඇමෙරිකාව අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ සිරියාව සම්බන්ධයෙනි. සිරියාවේ කුර්දි බෙදුම්වාදී සටන්කාමීන් තුර්කියට තර්ජනයකි.

එහෙයින්, තුර්කි හමුදා සිරියානු තුර්කි දේශසීමාවේ මෙම සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි.

මෙම කුර්දි සටන්කාමීන්ට ඇමෙරිකාවේ සහාය හිමිවෙයි. ඔවුන්ට ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශයේ සහාය හිමිවන බව සිරියානු රජය පවා චෝදනා කර ඇත. ඇමෙරිකාවේ සහාය ලබන කුර්දි බෙදුම්වාදීන් මුලිනුපුටා දමනවා යැයි තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් ප්‍රතිඥා දී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS