ඇමෙරිකාව උඩ බලාගෙන කෙළ ගසා ගන්නවා



තමන්ට තර්ජනය කරමින්, තමන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කිරීම උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක් වැනි යැයි ඉරානය පවසයි.

පසුගිය 21 වැනිදා ඇමෙරිකා ජනපති ඉරානයේ හඳුනාගත් ස්ථාන ඉලක්ක කර ගනිමින් පහර දීමට සූදානම් විය. ඒ, ඉරානය ඉරාන ගුවන් සීමාව උල්ලංඝනය කළ ඇමෙරිකන් ඩ්‍රෝන යානයක් බිම හෙළීමෙන් පසුවය.
කෙසේ නමුත් ප්‍රහාරයට ඔන්න මෙන්න කියා තිබියදී, ට්‍රම්ප් එම තීරණය වෙනස් කළේය. ඒ සිවිල් වැසියන්ගේ ජීවිත විනාශ වේවි යැයි පසුව පැවැසීය.

‘ඉරානයට එක උණ්ඩයක් හෝ එල්ල කළොත්, ඇමෙරිකාවට පසුතැවෙන්න වෙනවා. එය උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක්. හට ගන්නා අර්බුදය ළැව් ගින්නක් සේ පැතිර යාවි.’ යැයි ඉරානය අනතුරු අඟවයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS