ඇමෙරිකා සයිබර් ප්‍රහාරයෙන් හානියක් නෑ



ඇමෙරිකාව එල්ල කළැයි පැවැසෙන සයිබර් ප්‍රහාරයෙන් තම ආරක්ෂක හෝ ආයුධ පද්ධති හෝ අඩපණ නොවුණු බව ඉරාන විදුලි සංදේශ අමත්‍යාංශය කියයි.

සයිබර් ප්‍රහාරයක් යනු පරිගණක ජාල හරහා, සිදු කෙරන කඩාකප්පල්කාරී ක්‍රියාවකි. ඉරානයේ මිසයිල පද්ධති ඇතුළු සෙසු ආයුධ පද්ධති අඩපණ කිරීමට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇතැයි පැවැසෙන්නේ ඇමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ උපදෙස් පරිදි යැයි ද වාර්තා වේ.

ඇමෙරිකාව පවසා ඇත්තේ, එම සයිබර් ප්‍රහාරයෙන් ඉරාන ආරක්ෂක පද්ධතිය මුළුමනින්ම අඩපණ වුණු ඇමෙරිකාව  නිවේදනය කළේය.

කෙසේ නමුත් ඉරාන විදුලි සංදේශ අමත්‍යාංශ අමාත්‍ය මොහොද් ජවාද් අසාරී තහවුරු කර ඇත්තේ ඇමෙරිකාවට තම ආරක්ෂක පද්ධතිය අඩපණ කිරීමට හැකියාවක් නොලැබුණු බවය.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS