ඇමෙරිකා රාජ්‍ය ලේකම් සෞදියේ



ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, සෞදියේ රියාද් බලා පැමිණියේය. සෞදි රජය ඔහු උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කළේය.

සෞදිය සහ කටාර් රාජ්‍යය අතර පවතින දේශපාලනික අර්බුද සම්බන්ධයෙන් සහ ඉරාකයේ ත්‍රස්තවාදය ගැන මෙහිදී ඇමෙරිකන් රාජ්‍ය ලේකම්ගේ අවදානය යොමු විය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ඉරාකයේ සිටින ෂියා මුස්ලිම්වරුන් ආපසු ඔවුන්ගේ මවු රට වන ඉරානයට යා යුතු බවය.

දිගටම ඉරාකයේ රැඳී සිටින්නේ නම්, එම ෂියා සටන්කාමීන් ආයුද බිම දමා යටත් විය යුතු බව ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේය.

ඉරාකයේ සුන්නි මුස්ලිම් අයි.එස් හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී, ඉරාන හමුදා ප්‍රධානීන්ගේත්, ෂියා මුස්ලිම් සටන්කාමීන්ගේත් සහාය ඉරාක හමුදාවට හිමිවිය.
මේ වනවිට ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැති නගර සහ පළාත් බොහෝ ප්‍රමාණයක් මුදා ගැනීමට ඉරාක හමුදාව සහ රජය සමත් වී සිටී.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS