ඇමෙරිකා රාජ්‍ය ලේකම් මැදපෙරදිග සංචාරයක



ඉරානයෙන් එල්ල වන තර්ජන හමුවේ, ඉරානයට කෙසේ මුහුණ දිය යුතු යැයි සාකච්ඡා කිරීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ මැදපෙරදිග සංචාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝජනය කරමින්, රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සෞදි අරාබියේ රියාද් නුවර බලා පැමිණියේය. රාජ්‍ය ලේකම් පොම්පේඕ, සෞදියේ සල්මාන් රජු, ඔටුන්න හිමි සල්මාන් කුමරු සහ සෞදි ආරක්ෂක ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව සිටියේය. සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු පොම්පේඕ, එක්සත් අරාබි එමිරේට්ස් බලා යෑමට නියමිත බව ද වාර්තා විය.

පසුගිය දා තම ගුවන් සීමාව උල්ලංගනය කළ ඇමෙරිකන් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙළීමට ඉරානය කටයුතු කළේය. එම සිදුවීමෙන් පසු, ඉරානයට පහර දීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළේය.

කෙසේ නමුත් අවසන් මොහොතේ දී ට්‍රම්ප් එම තීරණය වෙනස් කළේය. ඇමෙරිකාවත් ඉරානයත් අතර යුද උණුසුමක් නිර්මාණය වී ඇත. දෙරට අතර යුද්ධයක් හටගත්තොත් එය සමස්ත ලෝකයටම බලපෑමක් ඇති කරනු බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS