ඇමෙරිකා රාජ්‍ය ලේකම් කටාර් එමීර් හමුවෙයි



ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් ප්‍රමුඛ විශේෂ ධූත පිරිසක් පසුගිය දා දෝහා බලා පැමිණියහ.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ප්‍රමුඛ ධූත පිරිස අල් උදෙයිද් ගුවන් කඳවුරට පැමිණි අවස්ථාවේදී එහි ගොස් පිරිස පිළිගැනීමට කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී කටයුතු කළේය.

කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා යැයි සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් චෝදනා කරමින්, කටාරයට සම්බාධක පැනැවීම සිදු කර තිබුණ ද ඇමෙරිකාව කටාර් රාජ්‍යය සලකන්නේ ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී සමීපතම මිතුරෙකු ලෙසිනි.

ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයාත් කටාර් එමීර්වරයාත් අතර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. ගල්ෆ් කලාපයේ ත්‍රස්තවාදී කටයුතු සහ අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු හුවමාරු කර ගැනීම් සම්බන්ධයෙන් ද ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයාත් කටාර් එමීර්වරයාත් අතරේ කතාබහ සිදුවුණු බව ‘ද පෙනින්සියුලා’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS