ඇමෙරිකා-බ්‍රිතාන්‍ය-ජෝර්දාන හමුදා සිරියාවට



යුද ටැංකි සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවලින් ද සන්නද්ධ හමුදා බළඇණි උතුරුදිග සිරියාවේ සටන් සඳහා යෙදවීමට ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ජෝර්දානය කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකා-බ්‍රිතාන්‍ය-ජෝර්දාන සිරියාවේ සටන් වදින්නේ, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් සහ සිරියානු රජයට එරෙහිවය.

ඔවුන්ගේ සහාය ලබන බව පැවැසෙන්නේ සිරියානු රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය හමුදා බළඇණි සිරියාවට පිවිස ඇත්තේ ජෝර්දාන දේශසීමාව හරහාය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS