ඇමෙරිකා පාදිලිවරයා නිදහස්



වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ තුර්කි අත්අඩංගුවේ පසුවුණු ඇමෙරිකන් ජාතික පාදිලිවරයා ඇන්ඩෲ බ්‍රන්සන් නිදහස ලබා ජර්මනියට ගිය බව වාර්තා වේ.

ඇන්ඩෲ බ්‍රන්සන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට තුර්කි රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ තුර්කිය අතර දේශපාලනික අර්බුදයක් ද නිර්මාණය විය. තම පාදිලිවරයා වහා නිදහස් කරන ලෙස ඇමෙරිකාව තුර්කියට බල කරන්න විය.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට එරෙහිව සිදුවුණු හමුදා කුමන්ත්‍රණයට ඇන්ඩෲ බ්‍රන්සන් සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබුණි.

ඊයේ (12) ඇන්ඩෲ බ්‍රන්සන් අධිකරණය හමුවට යොමු කළ අවස්ථාවේදී, එම චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු විය. අධිකරණය වසර තුනක සිර දඬුවමක් නියම කළේය.

කෙසේ නමුත් වසර 3 කට ආසන්න කාලයක් රැඳවුම් බාරයේ සිටි නිසාත්, යහපත් කල්ක්‍රියාව නිසාත් ඇන්ඩෲ බ්‍රන්සන් වහා නිදහස් කෙරුණු අතර, ඔහු ජර්මනිය බලා හමුදා ගුවන් යානයකින් රැගෙන යන ලදී. අද (13) ඇන්ඩෲ බ්‍රන්සන් යළි ඇමෙරිකාවට පැමිණෙනු ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS