ඇමෙරිකා උප ජනපතිවරයා ගණන් අරන් නෑ



දෙවැනි ලෝක යුද සමයේ දී, (1941 සිට 1945 තෙක් කාලයේ) නාට්සි හමුදා, යුදෙව්වන් සමූල ඝාතනය කරමින්, ඔවුන්ට එරෙහිව කළ මහා අපරාධය අනුස්මරණය කිරීමේ විශේෂ ගුණ සැමරුමක් ජෙරුසලමේ දී පැවැත්වුණු අතර, ඊට බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමරුන් ද සහභාගී විය. ඒ, බි‍්‍රතාන්‍යයේ එලිසබත් මහ රැජින නියෝජනය කරමිණි.

සැමරුමට ප‍්‍රංශ ජනාධිපති ඇතුළු ලෝක නායකයෝ 40 දෙනෙක් සහභාගී වී සිටියහ.

සැමරුම පැවැත්වූයේ නාට්සි හමුදා, යුදෙව්වන් සමූල ඝාතනය කර වසර 75 ක් ගතවීම නිමිත්තෙනි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නියෝජනය කරමින් සහභාගී වූයේ ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් ය.

සැමරුමට සහභාගී වූ පිරිස හමුවට චාල්ස් කුමරු පැමිණෙද්දී, ඔහු බොහෝ දෙනා සමඟ සුහඳත්වයෙන් යුතුව කළේය. කෙසේ නමුත් සමීපව මුහුණට මුහුණ හමුවුණත්, මයික් පෙන්ස් ගැන තැකීමක් කළේ හෝ අතට අත දීමක් කළේ හෝ නැත.

එම සිදුවීමට අදාල වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් සේවා ඔස්සේත් ප‍්‍රසිද්ධියට පත් වී තිබේ.

චාල්ස් කුමරු ඇමෙරිකන් උප ජනපති මයික් පෙන්ස් ගණනකට නොගත්තේ යැයි පුවත් පළ වෙද්දී, චාල්ස් කුමරු වෙනුවෙන් ඔහුගේ කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කළේය.

ට‍්‍රම්ප් සහ මයික් පෙන්ස් අතරේ අමනාපයක් නොමැති බවත්, දෙදෙනා අතරේ හමුවක් පසුව පැවැත්වුණු බවත් එම නිවේදනයේ සඳහන් වී තිබේ.

ජෙරුසලමේදීය (එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS