ඇමෙරිකා උප ජනපති හදිසියේ ඉරාකයට



ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් හිටිහැටියේ ඉරාකයට පැමිණ ඉරාකයේ අන්බර් ගුවන් කඳවුරේ සිටින ඇමෙරිකන් සොල්දුදාවන් හමුවී ඔවුන්ගේ සැපදුක් සොයා බැලුවේය.

ඉරාක රජයට එරෙහිව ප්‍රචණ්ඩකාරී අයුරින් විරෝධතා පැවැත්වෙන්නේ ද මෙම අන්බර් ගුවන් කඳවුරට නුදුරිනි. ඉරාක තරුණ කොටස් විරෝධතා පවත්වන්නේ ධරිද්‍රතාව, විරැකියාව සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොමැති බවට චෝදනා කරමිනි.

ගුවන් කඳවුරේ සිට ඉරාක ජනාධිපති අබ්දෙල් අබ්දුල් මහ්දි පමණක් නොව, ඉරාකයට අයත් ස්වං පාලනයක් සහිත කුර්දිස්ථානයේ නායකයන් සමඟ ද දුරකතනයෙන් කතා කිරීමට ඇමෙරිකා උප ජනපතිවරයා කටයුතු කළේය.

විරෝධතා සම්බන්ධයෙන් පමණක් නොව, ඇමෙරිකා ඉරාක සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ද ඉරාක ජනාධිපතිවරයා සහ ඇමෙරිකා උප ජනාධිපති පෙන්ස් අතරේ දුරකතනයෙන් සාකච්ඡා පැවැත්විණි.

බැග්ඩෑඞ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS