ඇමෙරිකා ආරක්ෂක උපදේශක තුර්කියේ



ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක එච්.ආර්. මැක්මාස්ටර් තුර්කියේ ඉස්තාන්බුල් නුවර සංචාරයකට පැමිණියේය.

ඇමෙරිකන් ආරක්ෂක උපදේශකවරයා සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් ඇර්ඩොවාන්ගේ ප්‍රකාශක ඊබ්‍රහීම් කලින් අතර හමුවක් පැවැත් වුණු බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

තුර්කිය මේ වනවිට සිරියාවේ ඇෆ්රින් පළාතේ හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත. ඒ, සිරියාවේ ස්වෛරීත්වයට ගරු කරමින් සහ අන්තර් ජාතික නීතීරීතිවලට අවනතවය.

එම මෙහෙයුම් නම් කර ඇත්තේ ‘ඔලිව් බ්‍රාන්ච්’ යන නමිනි. තුර්කිය සටන් වදින්නේ සිරියාවේ ඇෆ්රින් පළාතේ සිටින සන්නද්ධ කුර්දි බෙදුම්වාදී ත්‍රස්තයන්ට එරෙහිවය.

තුර්කිය සහ සිරියාව චෝදනා කරන්නේ, මෙම ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන්නේ ඇමෙරිකාව කියාය. සිරියාවේ බෂීර් අල් අසාද් පාලනය පෙරළා දමා, එරට කුර්දි පාලනයක් ඇතිවනු දැකීම ඇමෙරිකාවේ අපේක්ෂාව වී ඇති බව වාර්තා වේ.

තුර්කියේ ඔලිව් බ්‍රාන්ච් මෙහෙයුමට ඇමෙරිකාව සිය විරෝධය පළ කර ඇති අතර, මේ වනවිට ඇමෙරිකාවත් තුර්කියත් අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.

ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක එච්.ආර්. මැක්මාස්ටර් තුර්කියේ ඉස්තාන්බුල් බලා පැමිණ සිටින්නේ මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.

(රොයිටර්/ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS