ඇමෙරිකා - ඊශ්‍රායල යුද අභ්‍යාසයක්



ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ලබන සතියේ යුද අභ්‍යාසයක් පැවැත්වීමට සූදානමින් සිටින බවත්, එම අභ්‍යාසය සඳහා ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් එෆ් 15 ප්‍රහාරයක යානා බළඇණියක් යොදා ගැනීමට නියමිත බවත් වාර්තා වේ.

යුද අභ්‍යාසය පැවැත්වෙනු ඇත්තේ ඊශ්‍රායලයට අයත් ඔවුඩා ගුවන් කඳවුර කේන්ද්‍රකොට ගනිමිනි.  දින 14 කට වැඩි කාලයක් තිස්සේ මෙම යුද අභ්‍යාසය පැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි.

පසුගිය වසරේ ඇමෙරිකාවේ නෙවාඩා කාන්තාර ප්‍රදේශයේ දී ඊශ්‍රායල ගුවන් හමුදා සෙබළුන් සහ ඇමෙරිකන් ගුවන් හමුදා සෙබළුන් එක් වී යුද අභ්‍යාසයක් පැවැත් වූ බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS