ඇමෙරිකන් හමුදා නිලධාරියා ඉරානයේ සිරදඬුවම්



ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කෙමේනිට අපහාස කළේ යැයි එරට අත්අඩංගුවේ සිටින ඇමෙරිකන් නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියකුට 10 වසරක සිර දඬුවමක් පනවා ඇති බව වාර්තා වේ.

මයිකල් වයිට් නමැති මෙම විශ්‍රාමික හමුදා නිලධාරියා ඉරාන කාන්තාවක් හමුවීමට මෂාද් නගරයට ගොස් සිටි අවස්ථාවේදී ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

මයිකල් වයිට් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා කියා සිටියේ උත්තරීතර නායකයාට අපහාස කිරීමේ වරදට වසර දෙකක සිරදඬුවමක් සහ උත්තරීතර නායකයාට අපහාස වන අයුරින් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ කළ ඡායාරූපය නිසා දස වසරක සිර දඬුවමක් ද හිමිවනු ඇති බවය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS