ඇමෙරිකන් යුද නැව් කටාරයට



කටාර් නාවික හමුදාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීම සඳහා ඇමෙරිකන් යුද නැව් දෙකක් කටාර්හි දෝහා හි නාවික වරායකට සේන්දු වී ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා වේ.

ඇමෙරිකන් යුද නැව් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට කටාර් නාවික හමුදාව කටයුතු කළ බව ද පැවැසෙයි. නැව් සේන්දු වූයේ හමාද් වරායටය.

ඇමෙරිකන් යුද නැව් මේ අයුරින් කටාරයට පැමිණියේ, ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි සෞදිය බහරේනය ඇතුළු මැදපෙරදිග රටවල් කීපයකින් කටාරයට චෝදනා එල්ල වී ඇති අවස්ථාවකය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS