ඇමෙරිකන් යුද නැවක් ගැන ඉරානය ඔත්තු බලයි



ගල්ෆ් කලාපයට සේන්දු වූ ඞ්වයිට් ඩී. අයිසන්හවර් ඇමෙරිකන් යුද නෞකාව ගැන ඔත්තු බැලීමට තමන් හැකි වුණැයි ඉරාන විප්ලවීය හමුදාව කියයි.

ඉරාන හමුදාව මෙම ඔත්තු බැලීම සිදු කර ඇත්තේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමිනි. ඇමෙරිකාව සහ ඉරානය එකිනෙකාගේ හමුදා ත්‍රස්ත සංවිධාන ලෙස නම් කර තිබේ.

ඉරන හමුදා ඩ්‍රෝන යානය ගල්ෆ් මුහුදේ යාත්‍රා කරමින් තිබුණු යුද නෞකාවට ඉහළින් පියාසර කරමින් රූගත කළ දසුන් ඉරානයේ තස්නිම් පුවත් සේවය ප්‍රසිද්ධියට පත් කර ඇති බව ද වාර්තා වේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS