ඇමෙරිකන් ප්‍රහාරයෙන් මොසූල් නුවර 230 ක් මරුට



ඇමෙරිකන් ගුවන් හමුදාව මොසූල් නුවර අයි.එස්.අයි.එස් හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් සිවිල් වැසියන් 230 ක් මියගොස් ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

මියගිය පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව ද පුවත් සේවය වැඩි දුරටත් කියා සිටී. ප්‍රහාරය එල්ල වී ඇත්තේ නිවාස පෙළකටය.

සුන්බුන් අතර සිරවුණු පිරිස් සහ මළසිරුරු සෙවීමට ඉරාක හමුදාවත් ගිනි නිවන භටයිනුත් යුහසුළු වුණැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS