ඇමෙරිකන් තානාපති කාර්යාලයට ප්‍රහාරයක්



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ‘හරිත කලාපය’ යන නමින් හැඳින්වෙන අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයට පෙරේදා (26) රොකට් ප්‍රහාර 3 ක් එල්ල විය.

මීට පෙර ද මේ අයුරින් ඇමෙරිකන් තානාපති කාර්යාලයට රොකට් ප්‍රහාර එල්ල වී ඇත. පෙරේදා (26) එල්ල වුණු රොකට් ප්‍රහාරයෙන් තානාපති කාර්යාලයට හානි සිදුවුණු නමුත් කාටවත් අනතුරක් සිදු නොවිණි. ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ඉරාන හිතවාදී ඉරාක සටන්කාමීන් යැයි ඇමෙරිකාව චෝදනා කර ඇත.

බැග්ඩෑඞ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS