ඇමෙරිකන් ජනපතිවරණයට බලපෑම්



ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන වසරේ එනම් 2020 දී පැවැත්වෙන අතර, ඉරාන පරිගණක හැකර්වරුන්ගෙන් ඊට බලපෑම් එල්ලවී ඇති බවත් මයික්‍රොසොෆ්ට් පරිගණක සමාගම චෝදනා කරයි.

පරිගණක හැකර්වරුන් යනු පරිගණක සහ අන්තර්ජාලය හරහා කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවන නියැලෙන පරිගණක විශේෂඥයන්ය. 2020 ජනපතිවරණයේ කටයුතු සියල්ල සිදුවන්නේ පරිගණක ගතවය. ඇමෙරිකාවේ එම කටයුතු මෙහෙයවන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමය.

මේ වනවිටත් ජනපතිවරණයේ මූලික කටයුතු මැතිවරණ බලධාරීන්ගේ මෙහෙයවීමෙන් ඇරම්භ වී ඇති අතර, එම පරිගණක ජාලවලට ඉරාන හැකර්වරුන්ගේ බලපෑමක් එලල් වී ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. කාර්යාංශය විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව පැවැසෙයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වූයේ 2016 වසරේ පැවැත්වුණු ජනාධිපතිවරණයෙනි.

එය සිදුවූයේ ට්‍රම්ප්ට වාසි ගෙනෙන අයුරින් මැතිවරණ දත්ත රුසියන් පරිගණක හැකර්වරුන් විසින් වෙනස් කරනු ලැබූ නිසා යැයි ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ චෝදනා නගති. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වුණු නමුත් අවසානයේදී ජනපති ට්‍රම්ප්ට එරෙහිව එල්ල වූ සියලු චෝදනා ඉවත දැමුණි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS