ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් සෞදි කුමරු අමතයි



තමන් සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ට දුරකතන ඇමතුමක් ලබා දුන් බවත්, එහිදී ඝාතනයට ලක් වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ගැන තමන් සල්මාන් කුමරුන් සමඟ සාකච්ඡා නොකළ බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් සෞදියේ සල්මාන් කුමරුන් සමඟ ඉරානයෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා පැවැත්වූ බවය.

මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සිදුවූයේ සල්මාන් කුමරුන්ගේ අනුදැනුම යටතේ බවත්, සල්මාන් කුමරු ඊට සම්බන්ධ බවත්, එම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම ද පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS