ඇමෙරිකන් කොමාන්ඩෝ භටයෝ රහසේ යේමනයට



ඇමෙරිකන් කොමාන්ඩෝ හමුදා භට පිරිසක් රහසේම යේමනයට ගොස් ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

මේ බව අනාවරණය වීමත් සමඟ ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය කියා සිටියේ විශේෂ හමුදා බලඇණියක් යේමනයට යැවීමට කටයුතු කළ බවය.

යේමනයේ ක්‍රියාත්මක අල් කයිඩා ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් මෙම හමුදා බළඇණිය මෙහෙයුම්වල නියැලෙනු ඇති බව ද පෙන්ටගනය වැඩි දුරටත් වාර්තා කර සිටී.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS