ඇමෙරිකන් කඳවුරට රොකට් ප්‍රහාර



ඉරාකයේ කර්කුක් පළාතේ ඇමෙරිකන් හමුදා රැඳී සිටින කඳවුරකට රොකට් ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් කඳවුරට හානියක් සිදුවුවත් එහි සිටි තම සොල්දාදුවන්ට අනතුරක් සිදු නොවුණු බව ඇමෙරිකාව පවසා ඇත.

රොකට් ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ඉරාකයේ ඉරාන හිතවාදී සටන්කාමීන් යැයි සැක කෙරේ. මීට පෙර අවස්ථා කීපයකදී ද මේ අයුරින් ඉරාන හිතවාදී සටන්කාමීන් ඇමෙරිකන් හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබේ.

බැග්බෑඞ්හිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS