ඇමෙරිකන් උප ජනපති හමුවෙලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් නියෝජනය කරමින්, සිරියානු අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස්, තුර්කියේ අන්කාරා නුවරට පැමිණ සිටින අතර, ඔහු තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් හමුවිය.

ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් අන්කාරා පැමිණියේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සහ ඇමෙරිකා ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් පිරිවරා ගනිමිනි.

ඇමෙරිකන් උප ජනාධිපති ඇතුළු ඇමෙරිකන් නියෝජිත පිරිස කිසිදු හේතුවක් නිසා හමු නොවන බව තුර්කි ජනාධිපතිවරයා කියා සිටියේ, සිරියාවේ කුර්දිවරුන්ට එරෙහි ප්‍රහාර ද නවත්වන්නේ නැතැයි කියමිනි. කෙසේ නමුත් ඇමෙරිකාවේ බල කිරීම් සහ සම්බාධක හමුවේ තුර්කි ජනාධිපතිවරයාට ඇමෙරිකා නියෝජිතයන් හමුවීට සිදුවිය.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS