ඇමැති වැටුප් දීමනා අඩු කරනවා



නව ප්‍රතිසංස්කරණ පැකේජයක් හඳුන්වා දෙමින්, රට පුහුණ පා සිටින ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමටත්, මැති ඇමැතිවරුන්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කිරීමටත් වහා පියවර ගන්නා බව ලෙබනන් අගමැති සාද් අල් හරීරී කියයි.

ලෙබනනය දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වී සිටී. තමන් පීඩාවට පත්ව සිටිද්දී මැති ඇමැතිවරුන් සුඛෝපබෝගී ජීවිත ගත කරනවා යැයි ලෙබනන් වැසියන්ගෙන් රජයට විරෝධයක් එල්ල විය. ඊට අමතරව, රජයේ දූෂණ වංචා ඉහවහා ගොස් ඇති බවට ද ජනතාව චෝදනා කරයි.

බීරූට් අගනුවර පමණක් නොව, ලෙබනනය පුරා දින පහක් තිස්සේ විරෝධථා පැවැත්වෙයි. ලෙබනන් රජය එම විරෝධතා මර්දනය කිරීමට උත්සාහ කළත් අසාර්ථක වූ බව වාර්තා විය.

බීරූට්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS