ඇම්පෙටැමින් පෙති 150,000ක් සොයා ගැනේ



අසල්වැසි ඉරාකයේ සිට මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යෑමට උත්සහ කළ කුවේට් ජාතිකයෙකු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව අල්-රියාද් පුවත්පත වාර්තා කළේය.

සැකකරුගේ මෝටර් රථය ඊබ්ඩෙල්ලි පිවිසුම් ස්ථානයේදි පරීක්ෂා කළ රේගු නිලධාරීන් රෝද තුල සඟවන ලද ඇම්පෙටැමින් පෙති 150,000ක් සොයා ගැනීමට සමත් වී ඇත.

නීතිමය කටයුතු කිරීම සඳහා සැකකරුව කුවේට් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ට භාරදුන් බව රේගු  අධ්‍යක්ෂ, මීෂාන් අල්-සයිඩි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS