ඇමසන් ප්‍රධානියාගේ දුරකතනයට හැකර් ප්‍රහාරයක්



‘ඇමසන්’ සමාගමේ ප්‍රධානී ජෙෆ් බෙසෝස්ගේ දුරකතනයට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

හැකර් ප්‍රහාරය සිදු කර ඇත්තේ සෞදියේ සල්මාන් කුමරුන්ගේ අනුදැනුම යටතේ යැයි පැවැසෙයි.

මෙම හැකර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ 2018 වසරේ දී, සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සිදුවීමට මාස කීපයකට පෙර යැයි ද පැවැසෙයි.

හැකර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ වට්ස් ඇප් පණිවුඩයක් හරහාය.

වොට්ස් ඇප් පණිවුඩය බෙසෝස්ගේ ස්මාර්ට්ෆෝන් දුරකතනයට ලැබී ඇත්තේ සල්මාන් කුමරුන්ගේ ජංගම දුරකතනයෙන් යැයි අනාවරණය වී ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS