ඇමරිකාව එක්ක පියාසර කරලා



සෞදි රාජකීය ගුවන් හමුදාවට අයත් “F-15C Eagle fighter jet’’ වර්ගයේප්‍රහාරක ගුවන්යානා ඇමරිකානු ප්‍රහාරක ගුවන්යානා සමඟ පියාසර කර ඇති බව වාර්තා වේ.

ඇමරිකානු ගුවන් හමුදාව සමඟ සහයෝගිතාවය වර්ධනය කරගැනීමේ අරමුණින් සෞදි ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ගුවන්යානා සහභාගි වී ඇත. 

ඇමරිකා එක්සත් ජනපදය සමඟ 2012 වසරේ යුධ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ගුවන්යානා 84ක් සෞදි ගුවන් හමුදාව මිලදී ගෙන ඇත.

ඇමරිකානු ගුවන් හමුදාව සමඟ ඉහළ අහසේ පියාසර කරන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කිරීමට සෞදි ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS