ඇමරිකානු මෙහෙයුමකින් අල්කයිඩා කැරලිකරුවන් හතළිහක් මරුට



මධ්‍යම යේමනයේ ක්‍රියාත්මක කෙරුණු ඇමරිකානු කමාන්ඩෝ මෙහෙයුමකින් අල්කයිඩා කැරලිකරුවන් හතළිස් දෙනෙකු මරා දමා ඇති බව යේමන බලධාරීහු පවසති.

මෙම ඇමරිකානු මෙහෙයුම සඳහා හෙලිකොප්ටර් යානා කීපයක් ද යොදාගෙන ඇත. දෙපාර්ශවය අතර මිනිත්තු හතළිස් පහක පමණ කාලයක් පුරා පැවති මෙම ගැටුමින් අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් තුන්දෙනෙකු මරුමුවට පත්වූ බව වාර්තා වේ.
කෙසේ වෙතත් යේමනයේ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා සඳහන්කළේ ඇමරිකානු හෙලිකොප්ටර් ප්‍රහාර පාසලක්, මුස්ලිම් පල්ලියක් සහ රෝහලක් ඉලක්ක කරගෙන එල්ල කෙරුණු අතර සාමාන්‍ය වැසියන් 16 දෙනෙකු සහ කැරලිකරුවන් හතළිස්එක් දෙනෙකු මරුමුවට පත් වී ඇති බවය.

යේමනයේ පවතින සිවිල් යුධ ගැටුම් සිය සංවිධානයේ ව්‍යාප්තිය වෙනුවෙන් වාසිසහගත ලෙස යොදා ගන්නා ඉල්කයිඩා කැරලිකරුවෝ මේ වන විට රටේ දකුණු සහ ගිනිකොන දිග ප්‍රදේශවල බලය අල්ලා ගැනීමේ සටන්වල නිරතව සිටිති.

ජනවාරි විසිවෙනිදා නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු ඇමරිකාව විසින් මෙහෙයවනු ලැබූ ප්‍රධානම ත්‍රස්ත විරෝධී මෙහෙයුම ලෙස මෙම ප්‍රහාරය හඳුන්වයි

 

( තිළිණි ද සිල්වා )
අල් ජසීරා ඇසුරෙනි...

 


RECOMMEND POSTS