ඇමතිගේ නිවසින් 80,000ක් අරන්



කුවේට් අමාත්‍ය, සාදූන් අහමඩ්ගේ නිවසට හොර රහසේ ඇතුලු වී කුවේට් ඩිනාර් 80,000ක් සොරකම් කර ඇති බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය.

විදේශ සංචාරයකට ගොස් ආපසු නිවසට පැමිණිඅවස්ථාවේදි කිසියම් පුද්ගලයෙක් නිවස තුලට ඇතුළු වී ඇති බව මුලින් දැක ඇති අතර පසුව සෝදිසි කිරීමේදි කුවේට් ඩිනාර් 80,000ක මුදලක් සොරකම් කර ඇති බව අමාත්‍යවරයා දැනගෙන ඇත.

කුවේට්පොලීසියට අමාත්‍යවරයා පැමිණිලි කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS