ඇඳුම් එකතු කිරීමේ බහලුම් තහනම් කරයි



මස්කට් මහ නගර සභාව ඕමානයේ වීදි පුරා සවිකර ඇති ඇඳුම් එකතු කිරීමේබහලුම් තහනම් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

පරිත්‍යාගශීලීන්ට හැකි අයුරින් දුප්පත් ජනතාවට ඇඳුම් ලබාදීම සඳහා මෙම බහලුම් වීදිවල සවි කිරීමට මස්කට් මහ නගර සභාව මීට පෙර අවසර ලබාදී තිබුණි.

ඇඳුම් එකතු කිරීමේ බහලුම් සවි කිරීමට කටයුතු කළ සියළුම ආයතනවලට වසරක් ඇතුළත ඒවා ඉවත් කර ගන්නා ලෙස අදාල නියෝගයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                            
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS