ඇඳිරිනීතිය කැඩු හතරකට නඩු



සෞදි අරාබියේ ඇඳිරිනීතිය උල්ලංඝනය පුද්ගලයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ සෞදි ජාතිකයන් හතර දෙනාවඅත්අඩංගුවටගෙන නඩු පැවරීමටරියාද් පොලීසියකටයුතු කර ඇත.

සමාජ ජාල වෙබ් අඩවිවලට වීඩියෝ දර්ශන එක්කරමින් ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීමපිළිබඳව තරුණයන් හතර දෙනා පුරුසාම් දෙඩවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ෂකර් අල්-තව්ජිරි පැවසීය.

මීට පෙර, ප.ව 07.00 ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කළත්, පවතින අවධානවම් තත්ත්වය සැළකිල්ලට ගෙන ප.ව 03.00 ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කළ බව සෞදි පොලීසිය පැවසීය 

මේවනවිට සෞදි අරාබියේ සමස්ථ කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 1,453 දක්වා ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS