ඇණ 39ක් බඩ ඇතුළේ



ඊජිප්තුවේ කයිරෝ නුවර පිහිටා ඇති කස්ර් අල්-අයිනි රෝහලේ ශළ්‍ය වෛද්‍යවරුන් පිරිසක් ඊජිප්තු ජාතිකයකුගේ උදරය තුල තිබී යකඩ ඇණ 39ක් ශල්‍යකර්මයක් මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ශල්‍යකර්මය සිදු කිරීමට පෙර එක්රේ පරීක්ෂණයක් කර ඇණ ස්ථාන ගත වී ඇති ස්ථාන පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමෙන් අනතුරුව ශළ්‍ය වෛද්‍යවරුන් රෝගියාව ශල්‍යකර්මය සඳහා සූදානම් කළ බව වාර්තා වේ.

ශල්‍යකර්මය සිදු කිරීමෙන් පසු ශල්‍ය වෛද්‍ය, අබ්දුල්රහ්මාන්මුස්තාපා ඔහුගේ ෆේස්බුක් සමාජ ජාල ගිණුමේ ශල්‍යකර්මයට අදාල ඡායාරූප පළ කොට ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS