ඇඟිලි සළකුණු ක්‍රමය අනිවාර්යයි



සේවකයින් නිවැරදි වේලාවට සේවයට වාර්තා කරනවාද නැද්ද යන්න දැනගැනීම පිණිස ඇඟිලි සළකුණු ක්‍රමය ඔක්තෝබර් 01 දින සිට සෑම රජයේ ආයතනයකම ක්‍රියාත්මක කිරීමට කුවේට් සිවිල් සේවා කොමිසන් සභාව තීරණය කර ඇති බව අල්-රායි පුවත්පත වාර්තා කළේය.

ඒ අනුව සෑම රජයේ සේවකයෙක්ම සේවයට පැමිණෙන සහ පිට වී යන අවස්ථාවන් වලදී ඇඟිලි සළකුණු ක්‍රමය භාවිතා කිරීම අනිවාර්‍යය වේ.

කිසිදු තනතුරක් හෝ පුද්ගලයෙකු ඇඟලි සලකුණු ක්‍රමයෙන් නිදහස් කර නොමැති අතර සියළු දෙනා ඇඟලි සලකුණු ක්‍රමය භාවිතා කළ යුතු බව සිවිල් සේවා කොමිසන්සභාවේසභාපති, අහමඩ්අල්-ජසාර්. අවධාරණයෙන් යුතුවප්‍රකාශ කළේය. 

යම් ආබාධිත තත්ත්වයක් ඇත්නම් පිළිගත හැකි වෛද්‍ය සහතික කොමිසන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා රජයේ සේවකයින් ගෙන් ඉල්ලීමක් කළේය. 

එවැනි රෝගාබාධයන් ගෙන් පෙළෙන පුද්ගලයින්ව පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පිහිටුවීමට කොම්සන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS