ඇඟිලි සලකුණු ලියාපදිංචි කෙරේ



සෞදි අරාබියේ මේ වනවිට නේවාසික වීසා සහ රැකියා වීසා මත රැදී සිටින විදේශිකයින් හා වයස අවුරුදු හයට වැඩි යැපෙන්නන්ගේ ඇඟිලි සලකුණු ලියාපදිංචි කිරීමට එරට විදේශ ගමන් බලපත‍්‍ර අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ වනවිටත් ඇඟිලි  සළකුනු ලබා ගැනීම ආරම්භකර ඇති බැවින්් කඩිනමින් ඇඟිලි සළකුණු ලේඛනගත කිරීමේ මධ්‍යස්ථානයකට ගොස් තම ඇඟිලි සලකුණු  ලියා පදිංචි කර  ගන්නැයි එම අධිකාරිය විදේශිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇඟිලි සලකුණු නොදී සිටින විදේශිකයින්ට සෞදිය තුළ ක‍්‍රියාත්මක වෙන ඉලෙක්ට්‍රොනික සේවාවන් ලබා ගැනීමට නොහැකි වන  බැවින් මෙම නීතිය නොසළකා නොහරින්නැයි එම අධිකාරය විදේශිකයන්ට වැඩිදුරටත් සිහිපත්කර දෙයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS