ආහාර සුරක්ෂිතතා දර්ශකයේ පළමු තැන



කුවේට් රාජ්‍යය ගල්ෆ් රාජ්‍යයන් අතුරින්2017 ආහාර සුරක්ෂිතතාදර්ශකයේ පළමු තැනත් ලෝකයේ 26 වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ බහරේන් රාජ්‍යය පිළිවලින්

අදාල ස්ථානයන් හිමි කරගැනීමට සමත් වී ඇත.

ඇල්ජිරියාව 11 වන ස්ථානයටත් සුඩානය(12), සිරියාව(13) සහ යේමනය(14) යන ස්ථානයන් හිමිවී ඇත. 

ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය අතින් ඕමානය 28 වන ස්ථානයත්, කටාර් රාජ්‍යය (29), සෞදි අරාබිය(32) එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය (33) සහ බහරේන් රාජ්‍යය (37) වන ස්ථානයත් හිමි කරගැනීමට සමත් වී ඇත.

ආහාර සුරක්ෂිතතා දර්ශකයේ ස්ථානයන් ලබාදීමට බ්‍රිතාන්‍ය පදනම් කරගත් සමීක්ෂණ කණ්ඩායමක් ලෝකයේ රටවල් 113ක් සමීක්ෂණයට ලක් කර ඇති අතර අදාල රටවල්වල ආහාර ප්‍රවාහනය, ආහාර ගබඩා කරන ආකාරය සහ ආහාර වල නැවුම් බව යන කරුණු සමීක්ෂණයට යොදාගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS