ආහාර රැගත් ගුවන් යානා 5ක් කටාරයට



ආහාර ද්‍රව්‍ය රැගත් ගුවන් යානා පහක් කටාරය වෙත පිටත්කර හැරීමට ඉරානය පියවර ගෙන ඇත.

ආහාර හිඟයක් ඇතිවුවහොත් භාවිත කිරීමේ අරමුණෙන්  මෙම ආහාර ද්‍රව්‍ය සහිත ගුවන් යානා කටාර් රාජ්‍යයට පිටත් කර එවීමට ඉරානය පියවර ගෙන ඇත.

කටාරයෙන් ඉල්ලුම පවතින තාක් ඉරානයෙන් ආහාර ද්‍රව්‍ය සැපයෙන බව ඉරාන ගුවන් සේවයේ ප්‍රකාශක ශාරුක් නෞෂාබාදි ප්‍රංශ පුවත් සේවයට පැවසීය.

මෙම ආහාර තොග කටාරයට ලැබෙන්නේ අධාරයක් වශයෙන්ද නැතහොත් මුදලටද යන්න වග තවමත් පැහැදිලි නැත. මේ අතරතුර තවත් ආහාර ද්‍රව්‍ය ටොන් 350ක් සහිත නෞකා තුනක් ද ඉරානයෙන් පිටත් වීමට නියමිත බවද ද පෙනිසියුලා පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එක් ගුවන් යානයක ටොන් අනූව බැගින් වූ එළවලු හා ආහාර ද්‍රව්‍ය තිබූ බව වර්තාවේ. මීට පෙර ද ටොන් තුන්සිය පනහක බරකින් යුත් ආහාර ද්‍රව්‍ය පිරවූ නෞකා තුනක් කටාර් රාජ්‍යයට පිටත්කර හැරීමට ඉරානය කටයුතු කර තිබිණි.. සෞදි අරාබිය ඇතුලු ගල්ෆ් කලාපයේ රටවල් කටාර් රාජ්‍ය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට පසුගියදා තීරණය කළා.

කටාරයට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍යවලින් 40%ක් සෞදි අරාබිය හරහා ප්‍රවාහනය කෙරෙමින් තිබුණු අතර මේවනවිට එය නතර කිරීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත.

සෞදිය ඇතුළු රටවල් පහක් කටාරය සමඟ සබඳතා අතහැර දැමුවේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට සහයෝගය දෙන බවට චෝදනා කරමිනිඑමෙන්ම සෞදි අරාබිය, බහරෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම ගුවන් කලාපය වසා දැමීමට පියවර ගැනීමෙන් අනතුරුව ඉරානය සිය ගුවන් කලාපය කටාරය වෙනුවෙන් විවෘත කර තිබේ.

( තිළිණි ද සිල්වා)

ද පෙනිසියුලා ඇසුරෙනි.


RECOMMEND POSTS