ආහාර නාස්තියට වැඩ පිළිවෙලක්



සෞදි අරාබියේ ආහාර නාස්තිය අවම කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞදි ආහාර බැංකුව පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

ආහාර නාස්තිය අවම කිරීමට ආයතන කීපයක් සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බවත් ඉදිරියේදි සංචාරක හෝටල් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බව ආහාර බැංකුව ප්‍රකාශ කළේය.

නිවැරදිව ආහාර ප්‍රවාහනය කිරීම සහ නාස්තිය අවම කරගන්නා ආකාරය පිළිබඳව පුහුණු වැඩමුළු පැවැත්වීමට ආහාර බැංකුව දැනටමත් කටයුතු කර ඇත.

ආහාර නාස්තිය අඩුම ආයතනවලට ත්‍යාග ප්‍රධානය කිරීමටපියවර ගන්නා බව ආහාර බැංකුව වැඩිදුරටත්ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS