ආසියානුවෝ නැවක් තුළ මියගිහින්



ඕමානයේ සොහෙර් වරායට පැමිණ භාන්ඩ නෞකාවක සේවයේ යෙදී සිටි ආසියාතිකයින් තුන්දෙනෙකු හුස්ම හිරවීම නිසා නෞකාව තුල මියගොස් සිටි බව ෂබීබා පුවත්පත වාර්තා කළේය. 

නෞකාවේ බහාලුම් ගබඩාවේ වැටි සිටියදී ආසියාතිකයින් තුන්දෙනා හමුවී ඇති අතර කිසියම් රසායනික ද්‍රව්‍යක් ආග්‍රාහනය වීමෙන් මියයන්ට ඇති බවට බලධාරීන් ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මියයෑමට හේතුවු කරුණු පරීක්ෂණයෙන් අනතුරුව දැනගැනීමට හැකිවනු ඇති බවට එම පුවත්පත වාර්තා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS